රෙදි ව්‍යාපාරයක් පටන් ගනිමු!

Modern Clothing Store

රෙදි කඩයකට අවශ්‍ය රෙදි මිලදී ගන්න ආකාරය?

පිටකොටුව සහ පමුණුව, මහරගම යන ප්‍රදේශවලින් හෝ සෘජුවම ඇඟලුම් කම්හලකින් තොග වශයෙන් ඇදුම් ඇදුම් මිලදී ගත හැක. පමුණුව තොග වෙළෙඳ පොළ අලුයම 5 ට පමණ ආරම්භ වන අතර එහිදී ඔබට ඉතා අඩු මිලට ඇඳුම් පැළඳුම් මිලදී ගත හැකිය. පමුණුව උදේ පොළට සාපේක්ෂව ටිකක් මිල වැඩි වුණත් පමුණුවේ තොග කඩ වලින් මිලට ගන්න පුළුවන්.

ඔබ ඇඟලුම් කම්හලකින් සෘජුවම මිලදී ගැනීමට අදහස් කරන්නේ නම්, බොහෝ ඇඟලුම් කම්හල් නිෂ්පාදනය කරන්නේ  විශේෂිත අයිතමයන්ය. නිදසුනක් වශයෙන්, එක් කර්මාන්තශාලාවක් බ්ලවුස් පමණක් නිෂ්පාදනය කළ හැකිය, තවත් කර්මාතශාලාවක් කලිසමක් පමණක් සහ තවත් කමිසයක් පමණක් නිෂ්පාදනය කළ හැකිය. එබැවින්, ඔබට ඇඟලුම් ආයතන කිහිපයක් සමග කටයුතු කිරීමට සිදුවනු ඇත.

එකම ඇඳුම උනත් කර්මාන්තශාලාවෙන් කර්මාන්තශාලාවට සහ සාප්පුවෙන් සාප්පුවට මිල වෙනස් විය හැකි බව මතක තබා ගන්න. මීට අමතරව, සමහර ගාමට් වලින් නිෂ්පාදනය කරන අයිතම ඉක්මනට විකිනෙන අතර සමහර ගාමට් වල හදන අයිටම් විකිණීමේ ප්‍රතිශතය ගොඩක් අඩුයි.

අඩුවටම රෙදි ගත්තොත් විකිනෙයි ද?

ඔබ පමුණුව, පිටකොටුව වැනි ප්‍රදේශවලට ගියහොත් පදික වේදිකාවේ ඉතා අඩු මිලට ඇඳුම් පැළඳුම් අලෙවි කරන අයුරු දැකගත හැකිය. කෙසේ වෙතත්, සෑම කෙනෙකුම ඒවා මිලදී ගැනීම උනන්දුවක් නොකරයි. පාරිබෝගිකයා කැමති ලස්සන ඇඳුමක් සාධාරණ මිලට මිලදී ගැනීමටය. ඔබේ සාප්පුව තරමක් ඉහළ මිල ගණන් යටතේ වුවද, නෙත් සිත් ඇදගන්නා නිර්මාණ ඉදිරිපත් කරන්නේ නම්, පාරිභෝගිකයින් ඒවා නිර්මාණයට ආදරය කරන බැවින් ඒවා මිලදී ගැනීමට වැඩි ඉඩක් ඇත.

එමනිසා, එය අඩු මිලට භාණ්ඩ පිරිනැමීම පමණක් නොවේ; සාධාරණ මිලකට පාරිබෝගිකයාට සිත් ඇදගන්නා නිර්මාණ සැපයීමයි. මෙම ප්රවේශය වැඩි ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර විකුණුම් වැඩි කරනු ඇත.

විකිනෙන මෝස්‌තර තෝරාගන්නේ කොහොමද?

ඔබේ වෙළඳසැල සඳහා මෝස්තර තෝරාගැනීමේදී, ඔබේ ප්‍රදේශයේ ගැහැණු පිරිමි අඳින පළඳින ආකාරය සලකා බැලීම වැදගත් වේ. නිදසුනක් වශයෙන්, ඔබේ වෙළඳසැල කොළඹ පිහිටා තිබේ නම්, තරුණ පරම්පරාව බොහෝ විට ක්‍රොප් ටොප්, කොට කලිසම් සහ ඒ හා සමාන නවීන ඇඳුම් ඇඳීමට කැමැත්තක් දක්වයි. කෙසේ වෙතත්, බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල මෙම ඇඳුම් අලෙවි නොවනු ඇත. ඒ වෙනුවට, ගවුම් සහ සල්වාර් වගේ මෝස්‌තර වැඩි විකුණුම් හැකියාවක් ඇත.

එසේ වුවද, ක්‍රොප් ටොප් සහ කොට කලිසම් වැනි අලුත් මොස්තරත් කුඩා ප්‍රමාණයක් ළඟ තබා ගැනීම නුවණට හුරුය, මන්ද සමහර ගනුදෙනුකරුවන් ඒවා ගැන විමසිය හැකිය. එවිට ඒවාද පෙන්වීමට අවශ්‍ය නිසා කුඩා ප්‍රමාණයක් හෝ ළඟ තබා ගැනීම වැදගත් වේ.

එක් මෝස්තරයකින් කෑලි 12ක් විවිද පාට වලින් සහ sizes වලින් තොග තබා ගන්න. බොහෝ පාරිබෝගිකයින් “මේ design එකේ වෙන පාට තියනවද? XL size තියනවද?” වගේ විමසීමට පුළුවන්. 

මීට අමතරව, යට ඇඳුම්, ස්කීනීස්, බ්‍රා (බොබී සහ සෙනෝරිටා වැනි), සනීපාරක්ෂක තුවා, ළදරු නිෂ්පාදන (වෙලෝනා කඩල්ස් වැනි) සහ menstrual cups වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ තොග ඔබ ළඟ තබා ගන්න. මේ සඳහා නිරන්තරයෙන් පාරිබෝගිකයින්ට අවශ්‍ය වනු ඇත.

සෑම වර්ගයකින්ම designs වැඩිවන තරමට ඔබේ විකුණුම් වැඩි කර ගත හැක. 

One design in many sizes and colours